ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 6:12 - Sinhala New Revised Version 2018

ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, “කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, “කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මෙසේ ඔවුන් කුස පිරෙන්නට කෑ පසු, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “ඉතිරි වූ කැබලි එකතු කරන්න; කිසිවක් අපතේ නාරින්නැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 6:12
12 හුවමාරු යොමු  

එවිට ඔහු ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.


ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.


අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.


සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.


නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන, දුර රටකට ගොස්, එහිදී දුරාචාරයෙහි යෙදෙමින්, තමාගේ සම්පත නාස්ති කරදැමී ය.


ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ.


සියල්ලෝ ම කා තෘප්තියට පැමිණියහ. ඔවුන් කෑ පසු ඉතිරි වූ කැබලිවලින් කූඩා දොළොසක් රැස් කරගන්නා ලදී.


සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක.