මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”
යොහන් 5:43 - Sinhala New Revised Version 2018 මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත. Sinhala New Revised Version මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත. සිංහල කාලීන පරිවර්තනය මා මගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ආ නමුත් ඔබ මා පිළිගන්නේ නැත; එහෙත්, යමෙක් තමාගේම නාමයෙන් ආවොත් ඔබ ඔහු පිළිගනු ඇත. Sinhala Revised Old Version මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත. |
මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”
කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
මන්ද, බොහෝ දෙනෙක්, ‘මම ක්‍රිස්තුස් වෙමි’ කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු මුළා කරති.
ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති.
පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණවුව මැනවැ”යි වදාළ සේක. එවිට, “මම එය මහිමයට පැමිණවීමි, යළිත් මහිමයට පමුණුවන්නෙමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය.
එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්‍රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය.