එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි.
යොහන් 5:42 - Sinhala New Revised Version 2018 එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි. Sinhala New Revised Version එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි. සිංහල කාලීන පරිවර්තනය ඔබේ හදේ දෙවියන්වහන්සේට ප්‍රේමයක් නැති වග මම දනිමි. Sinhala Revised Old Version නුමුත් නුඹලා අඳුනමි, දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය නුඹලා තුළ නැති බව දනිමි. |
එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි.
මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.
උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත.
එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද?
ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක.
දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ”යි වදාළ සේක.
ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි.
මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.
මේ ලෝකයට වත්, එහි ඇති දේ වලට වත් ආලය නොකරන්න. යමෙක් ලෝකයට ආලය කරන්නේ ද, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.
ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?
යමෙක් “මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි”යි කියමින්, තම සහෝදරයාට වෛර කරයි නම්, ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය.
තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.