පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද? මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද?
යොහන් 3:7 - Sinhala New Revised Version 2018 ‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න. Sinhala New Revised Version ‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න. සිංහල කාලීන පරිවර්තනය ‘ඔබ නැවත උපදින්නට ඕනෑ’ යි මා කීවාට පුදුම නො වන්න. Sinhala Revised Old Version නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. |
පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද? මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද?
මා ඔබට ලෞකික දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නෙහි නම්, ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නෙහි ද?
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක.
සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක.
ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න.
සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න.
ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න.
අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.