යොහන් 21:1 - Sinhala New Revised Version 2018 ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය. Sinhala New Revised Version ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය. සිංහල කාලීන පරිවර්තනය මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් මුහුද අද්දරදී තම ගෝලයින්ට නැවත පෙනුණු සේක. උන්වහන්සේ පෙනෙන්නට වූයේ මෙලෙස ය. Sinhala Revised Old Version ඉන්පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශවූසේක; උන්වහන්සේ ප්‍රකාශවුණේ මේ ආකාරයෙන්ය. |
වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය.
ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන් වහන්සේ අන් විලසකින් ඔවුන්ට දර්ශනය වූ සේක.
පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.
යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය.
මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.
කෙසේ වුව ද, සමිඳාණන් වහන්සේ තුති පිදූ පසු රොටි වළඳන ලද ස්ථානය සමීපයට තිබේරියස් සිට ඔරු පැමිණියේ ය.
උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක.