එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.
යොහන් 2:12 - Sinhala New Revised Version 2018 ඉන්පසු උන් වහන්සේ සිය මෑණියන් ද සොහොයුරන් ද ශ්‍රාවකයන් ද සමඟ කපර්ණවුමට වැඩිය සේක; එහෙත්, ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ. Sinhala New Revised Version ඉන්පසු උන් වහන්සේ සිය මෑණියන් ද සොහොයුරන් ද ශ්‍රාවකයන් ද සමඟ කපර්ණවුමට වැඩිය සේක; එහෙත්, ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ. සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු යේසුස්වහන්සේ සිය මෑණියන් ද සහෝදරයින් ද ගෝලයින් ද සමඟ කපර්ණවුම් වෙත ගිය සේක; ඔවුහු ටික දවසක් එහි නැවතී සිටියහ. Sinhala Revised Old Version ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ගෝලයෝද කපර්ණවුමට ගියෝය. නුමුත් ඔවුන් බොහෝ දවස් එහි නැවතුණේ නැත. |
එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.
උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.
උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක.
මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?” කියා ඔව්හු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ.
යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය.
ඔරුවට නැඟී මුහුදෙන් එතෙර කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක.
සෙසු අපෝස්තුළුවරුන් ද සමිඳාණන් වහන්සේගේ සහෝදරයන් ද, කේපස් ද මෙන් කිතුනු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද් ද?
එහෙත් ජේසුස් සමිඳාණන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි අපෝස්තුළුවරයෙකු නුදුටුවෙමි.