ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 18:31 - Sinhala New Revised Version 2018

පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ”යි කී ය. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ”යි කී ය. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එවිට පිලාත් ඔවුන්ට කතා කරමින්, “නුඹලාම මොහු ගෙන ගොස්, නුඹලාගේ දහම් නීතියට අනුව විනිශ්චය කරන්නැ” යි කීවේ ය. යුදෙව්වෝ, “කිසිවකු මරණයට පත් කරන්නට බලයක් අපට නැතැ” යි ඔහුට කීවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් පිලාත්: නුඹලාම ඔහු ගෙනගොස්, නුඹලාගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චයකරන්නැයි ඔවුන්ට කීවේය. යුදෙව්වරු ඔහුට කථාකොට: කිසිවෙකු මරණයට පත්කරන්ට අපට බලය නැතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



යොහන් 18:31
8 හුවමාරු යොමු  

රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,


ඔව්හු පිළිතුරු දෙමින්, “මේ මිනිසා අපරාධකාරයෙක් නොවේ නම්, අප ඔහු ඔබ අතට භාර දෙන්නේ නැතැ”යි කී හ.


මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.


“ඔහු මරව, ඔහු මරව, ඔහු කුරුසියේ ඇණ ගසව”යි ඔව්හු මොරගැසූ හ. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් අධිරාජයා හැර අන් රජෙක් අපට නැතැ”යි කී හ.