ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක.
යොහන් 18:1 - Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇළෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇළෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක. සිංහල කාලීන පරිවර්තනය එම වචන පවසා නිම වූ පසු, යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ කිද්‍රොන් නිම්නයෙන් එතෙරව, එහි වූ උයනට තම ගෝලයින් සමඟ ඇතුළු වූ සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක. |
ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක.
මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක.
මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.
සිය මව වන මයකා අෂේරා කප් කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින්, ඔහු ඈ මව් බිසෝකමෙන් අහක් කර, ඒ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමී ය.
ඔබ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එතෙර වන දවසේ දී ඔබ නසිනවා ම ඇතැ යි දැනගන්න. ඇරත්, ඔබේ මරණය සම්බන්ධ ව ඔබ ම වැරදිකරු වනු ඇතැ”යි ඔහුට කීවේ ය.
ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතැනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය.
එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන කාණ්ඩයේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.
ඔහු අෂේරා කප් කණුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ඉවත් කොට ජෙරුසලමෙන් පිට කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුළුස්සාදමා කුඩු කර, ඒ කුඩු පොදු සෙනඟගේ සොහොන් බිමෙහි විසුරුවා දැමී ය.
ආසා රජුගේ මව වූ මයකා විසින් අෂේරා දේවතාවියට පිළිකුල් රූපයක් සාදනු ලැබූ නිසා, ආසා ඇය බිසෝකමෙන් අහක් කර, ඇගේ පිළිම කප් කණුව කපා දමා, සුණු කර, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමුවේ ය.
පූජකයෝ උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ සියලු අපිරිසිදු දේ ඒ මාලිගාවේ මළුවට ගෙනාවෝ ය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙන ගියහ.
ඔව්හු පැමිණ ජෙරුසලමෙහි තිබූ පූජාසන පහකළෝ ය. සියලු දුම් පූජාසනත් පහකොට ඒවා කිද්‍රොන් ඔයට දැමුවෝ ය.
මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.
මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”
එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, “මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක.
ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.
එහෙත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත්, පියාණන් වහන්සේ මට අණ කළ ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිස ය. නැඟිටින්න, අපි මෙතැනින් පිටත් ව යමු”යි වදාළ සේක.
එවිට පේදුරු විසින් කන කපන ලද තැනැත්තාගේ ඥාතියෙකු වූ, උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක් කෙනෙක්: “නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මා දුටුවා නොවේ දැ”යි ඇසී ය.
ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.