ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 13:24 - Sinhala New Revised Version 2018

එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, “උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, “උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සීමොන් පේතෘස් ඔහුට සංඥා කොට, උන්වහන්සේ අදහස් කළේ කවරකු ගැනදැයි අසන්නට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් සීමොන් පේතෘස් ඔහුට සංඥාකොට: උන්වහන්සේ කා ගැන කථාකරනසේක්දැයි (අපට) කියන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න



යොහන් 13:24
7 හුවමාරු යොමු  

ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය.


ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ.


ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය.


ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, “ස්වාමීනි, ඒ කවුරු දැ”යි ඇසී ය.


එහෙත් ඔහු ඔවුනට නිශ්ශබ්ද වන්නට අතින් සංඥා කොට, සමිඳාණන් වහන්සේ තමා හිර ගෙයින් පිටතට ගෙනා හැටි ඔවුනට විස්තර කොට, “ජාකොබ්ට ද අනෙක් සහෝදරයනට ද මෙපවත් දන්වන්නැ”යි කියා, පිටත් ව වෙන තැනකට ගියේ ය.


එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න.


ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා,