සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණිස ය”යි වදාළ සේක.
යොහන් 12:11 - Sinhala New Revised Version 2018 මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය. Sinhala New Revised Version මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔහු නිසා යුදෙව්වන් බොහෝ දෙනකු හැරී යමින්, යේසුස්වහන්සේ තුළ විශ්වාස කරන්නට වූ හෙයිනි. Sinhala Revised Old Version මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. |
සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණිස ය”යි වදාළ සේක.
මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ.
අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්, අපේ ජාතියත් වනසනු ඇතැ”යි කී හ.
එසේ වුව ද, ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. එහෙත් තමන් ධර්මශාලාවෙන් නෙරපනු ලබති යි පරිසිවරුන්ට බියෙන් එය එළිපිට නොකී හ.
එසේ වුව ද, සෙනඟගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගෙන, “ක්‍රිස්තුවරයාණන් වැඩම කළ විට, මේ මිනිසා කර ඇති හාස්කම්වලට වඩා යමක් එතුමාණන් කරනු ඇද්දැ”යි ඇසූ හ.
එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.