තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය.
යොහන් 11:5 - Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ මාර්තාට ද ඇගේ සහෝදරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේමකළසේක. |
තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය.
එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙන් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, “ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ”යි කීවා ය.
එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය.
මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය.
එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.
එහෙත් ඔහු අසනීපයෙන් සිටින බව උන් වහන්සේට සැළ වූ පසු, තමන් සිටි ස්ථානයෙහි ම දෙදිනක් නතර වී සිටි සේක.
ශ්‍රාවකයෝ ද, “ගුරුදේවයෙනි, මේ ළඟ දී ජුදෙව්වරු ඔබට ගල් ගසන්නට මාන බැලූ හ. ඉදින් ඔබ නැවතත් එහි වඩින සේක් දැ”යි ඇසූ හ.
ඔබ මට ප්‍රේම කරන බැවින් ද මා පියාණන් වහන්සේ වෙතින් වැඩම කළ බව ඔබ විශ්වාස කරන බැවින් ද පියාණන් වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක.
ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත්, මා ද ඔවුන් තුළ වන පිණිසත්, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි. තවත් දන්වා වදාරන්නෙමි.”