උන් වහන්සේ සිටින තැන යමෙක් දනිතොත්, අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ බව දන්වන මෙන් නායක පූජකයන් හා පරිසිවරුන් විසින් අණ දී තිබිණි.
යොහන් 11:46 - Sinhala New Revised Version 2018 එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසිවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැළ කළහ. Sinhala New Revised Version එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසිවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැළ කළහ. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් පරිසිවරුන් වෙත ගොස්, යේසුස්වහන්සේ කළ දේ ඔවුන්ට පැවසූහ. Sinhala Revised Old Version නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් ඵරිසිවරුන් ළඟට ගොස් යේසුස්වහන්සේ කළ දේවල් ඔවුන්ට කීවෝය. |
උන් වහන්සේ සිටින තැන යමෙක් දනිතොත්, අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ බව දන්වන මෙන් නායක පූජකයන් හා පරිසිවරුන් විසින් අණ දී තිබිණි.
උන් වහන්සේ ඔවුන් ඉදිරියේ එපමණ හාස්කම් සිදු කළ නමුදු, ඔවුන් උන් වහන්සේ අදහාගත්තේ නැත.
සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ.
ඉක්බිති, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණියහ. ඔව්හු ද, “නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ”යි ඇසූ හ.
එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය.