ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 11:13 - Sinhala New Revised Version 2018

සැතපීම යන්නෙන් ජේසුස් වහන්සේ අදහස් කෙළේ ලාසරස්ගේ මරණය ය. එහෙත් ඔවුන් එය තේරුම්ගත්තේ නිදාගැන්ම යනුවෙනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සැතපීම යන්නෙන් ජේසුස් වහන්සේ අදහස් කෙළේ ලාසරස්ගේ මරණය ය. එහෙත් ඔවුන් එය තේරුම්ගත්තේ නිදාගැන්ම යනුවෙනි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ පැවසුවේ ඔහුගේ මරණය ගැන ය. එහෙත් ඔවුන් සිතුවේ ඔහු විවේකීව නිදා සිටිතැයි කියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය. ඔව්හු, නින්දේ පහසුගැනීම ගැන උන්වහන්සේ කීසේකැයි සිතුවෝය.

පරිච්ඡේදය බලන්න



යොහන් 11:13
5 හුවමාරු යොමු  

නළාකාරයන් ද ඝෝෂා කරමින් සිටි සමූහයා ද දැක, “අහකට යන්න; දැරිය මැරී නැත; ඈ නිදන්නී යැ”යි වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ.


සියල්ලෝ ම ඈ ගැන හඬමින් වැලපෙමින් සිටියහ. එහෙත්, උන් වහන්සේ කතා කොට, “නාඬන්න, ඈ මැරී නැත, ඈ නිදන්නී ය”යි වදාළ සේක.


“අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණිස යන්නෙමි”යි වදාළ සේක.


එවිට ශ්‍රාවකයෝ කතා කොට, “ස්වාමීනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුව වනු ඇතැ”යි කී හ.


එබැවින් ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින්, “ලාසරස් මියගොස් ඇත.