ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 11:1 - Sinhala New Revised Version 2018

මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේ ය. ඔහු, මරියාගේ හා ඇගේ සහෝදරිය වන මාර්තාගේ ගම වූ බෙතානියේ ලාසරස් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මරියාගේද ඇගේ සහෝදරීවූ මාර්තාගේද ගමවූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේය.‍

පරිච්ඡේදය බලන්න



යොහන් 11:1
15 හුවමාරු යොමු  

කලක් ගිය පසු, “ඔබේ පියා ලෙඩින් සිටී”ය යි ජෝසෙප්ට දන්වන ලදුව, ඔහු තම පුතුන් දෙදෙන වන මනස්සේ සහ එප්‍රායිම් තමා කැටුව ගෙන ගියේය.


උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වී, නුවරින් නික්ම බෙතානියට ගොස් එහි රාත්‍රිය ගත කළ සේක.


ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,


“අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණිස යන්නෙමි”යි වදාළ සේක.


බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය.


මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.


එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.


උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ.


ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව, උන් වහන්සේ විසින් මරණයෙන් නැඟිටුවන ලද ලාසරස් දැකීමට ද පැමිණියහ.


එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ.