යොහන් 10:18 - Sinhala New Revised Version 2018 කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක. Sinhala New Revised Version කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය කිසිවකු මගේ ජීවිතය මගෙන් ගන්නවා නො වේ. මා එය පුදන්නේ මගේම අනුමැතියෙනි. එය පුදකිරීමේ අධිකාරී බලය මට ඇත; එය නැවත ගැනීමේ අධිකාරී-බලයත් මට ඇත. මේ ආඥාව මා ලද්දේ මගේ පියාණන්වහන්සේගෙනි” යි පැවසූ සේක. Sinhala Revised Old Version කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක. |
පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි.
එහෙත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත්, පියාණන් වහන්සේ මට අණ කළ ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිස ය. නැඟිටින්න, අපි මෙතැනින් පිටත් ව යමු”යි වදාළ සේක.
මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.
පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක.
“මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.”
මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය.
එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය.
“දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු.
මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ.
සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.
එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.