ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.
මාක් 9:5 - Sinhala New Revised Version 2018 එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය. Sinhala New Revised Version එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය පේතෘස්, යේසුස්වහන්සේට කතා කොට, “රබ්බී, මෙහි සිටීම අපට හොඳයි! අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝසෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය. Sinhala Revised Old Version පේතෘස් යේසුස්වහන්සේට කථාකොට: රබ්බි, මෙහි සිටීම අපට හොඳය. ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමුයයි කීවේය. |
ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.
පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස්ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය.
වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.
එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.
එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.
තවද, මෝසෙස් සහ එලියා උන් වහන්සේ වෙතින් වෙන් ව යද්දී, පේදුරු තමා කුමක් කියන්නේ දැ යි නොදැන, “ස්වාමීනි, මෙහි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු; එකක් ඔබට ය, එකක් මෝසෙස්ට ය; එකක් එලියාට ය”යි කී ය.
මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය.
ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු.