එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
මාක් 8:25 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔහුගේ ඇස් පිට යළිත් අත් තැබූ සේක. එවිට ඔහු ඕනෑකමින් බැලී ය; පෙනුම ලැබී ය; සියල්ල පැහැදිලි ලෙස දිටී ය. Sinhala New Revised Version උන් වහන්සේ ඔහුගේ ඇස් පිට යළිත් අත් තැබූ සේක. එවිට ඔහු ඕනෑකමින් බැලී ය; පෙනුම ලැබී ය; සියල්ල පැහැදිලි ලෙස දිටී ය. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ යළිත් ඔහුගේ ඇස් මත අත තැබූ සේක. එවිට ඔහුගේ ඇස් ඇරී, ඕනෑකමින් බැලූ ඔහු පෙනීම ආපසු ලැබ, සියල්ල පැහැදිලි ලෙස දැක්කේ ය. Sinhala Revised Old Version එවිට උන්වහන්සේ ඔහුගේ ඇස් පිට නැවත අත් තැබූසේක; ඔහු ස්ථිරලෙස බලා, සුවය ලැබ, සියල්ල පැහැදිලිලෙස දුටුවේය. |
එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
යමෙකුට ඇත්තේ ද ඔහුට දෙනු ලැබේ; පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේ ද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ.
ඔහු ද ඇස් ඔසවා, “මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය.
උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,
ඔහු පාවුලු කතා කරනු ඇසී ය. පාවුලු ඔහු දෙස බලා, ඔහු සුවය ලබන්නට තරම් සැදැහැ ඇත්තෙකු බව දැක,
ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.
එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.
අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.