මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.
මාක් 8:12 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ හද පත්ලෙන් බලවත් ලෙස සුසුම් ලා, “මේ පරම්පරාව හාස්කමක් සොයන්නේ මන් ද? සැබැවින් ම මම ඔබට කියමි, මේ පරම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේ ය”යි වදාරා, Sinhala New Revised Version උන් වහන්සේ හද පත්ලෙන් බලවත් ලෙස සුසුම් ලා, “මේ පරම්පරාව හාස්කමක් සොයන්නේ මන් ද? සැබැවින් ම මම ඔබට කියමි, මේ පරම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේ ය”යි වදාරා, සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ තම ආත්මයෙන් දැඩි සේ සුසුම් ලා, “මේ පරම්පරාව ලකුණක් ඉල්ලා සිටින්නේ මන්ද? සැබවින් ම, මම ඔබට කියමි. මේ පරම්පරාවට ලකුණක් දෙනු නො ලැබේ” යි පැවසූ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ තමන් ආත්මයෙන් බලවත්ලෙස සුසුම්ලා: මේ පරම්පරාව ලකුණක් සොයන්නේ මක්නිසාද? සැබවක් නුඹලාට කියමි–මේ පරම්පරාව ලකුණක් දෙනු නොලබන්නේයයි කියා, |
මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.
එවිට විනයධරයන් හා පරිසිවරුන්ගෙන් සමහරෙක් කතා කරමින්, “ගුරුදේවයෙනි, ඔබ හාස්කමක් කරනු දකින්න අපි කැමැත්තෙමු”යි කී හ.
අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවක් හාස්කමක් සොයන්නේ ය. එහෙත්, දිවැසිවර ජෝනා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් නොදක්වනු ලැබේ ය”යි කියා ඔවුන් අත්හැර නික්ම ගිය සේක.
උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.
ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක. උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක.
ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, “එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි.
උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.