ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 6:22 - Sinhala New Revised Version 2018

එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

හෙරෝදියස්ගේ දියණිය පැමිණ, නටා, හෙරෝද් හා සාදයට ආ ඔහුගේ අමුත්තන් පිනවූවාය. රජු දැරිය අමතමින්, “කැමති ඕනෑම දෙයක් මගෙන් ඉල්ලන්න. එය මා ඔබට දෙනවා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට හෙරෝදියස්ගේ දුව එහි පැමිණ නටා, හෙරොද් සහ ඔහු සමඟ කෑමට වාඩිව හුන් අය ප්‍රසන්නකළාය; එකල රජතෙම තරුණියට කථාකොට: නුඹ කැමති මොන දෙයක් නුමුත් මාගෙන් ඉල්ලන්න, ඒක නුඹට දෙමියි කීය.

පරිච්ඡේදය බලන්න



මාක් 6:22
6 හුවමාරු යොමු  

‘අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත’ කියන දරුවන්ට එය සමාන ය.


මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය.


එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය.