පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.
මාක් 6:16 - Sinhala New Revised Version 2018 එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, “මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය. Sinhala New Revised Version එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, “මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් මේ දෑ ඇසූ හෙරෝද්, “මා හිස ගසා දැමූ යොහන් යළි නැගිටුවනු ලැබ ඇතැ” යි පැවසී ය. Sinhala Revised Old Version නුමුත් හෙරොද් ඒ ඇසූකල: මේ වනාහි මා විසින් හිස කප්පවනලද යොහන්ය, ඔහු (මළවුන්ගෙන්) නැගිට සිටින්නේයයි කීයේය. |
පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.
“මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය.
“නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කෙළෙමි”යි කී ය. එහෙත් ඔව්හු, “එයින් අපට කමක් නැත, ඔබ ම එය බලාගන්නැ”යි කී හ.
එහෙත් සමහරු, “මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, “මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ.
හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය.
එවිට හෙරොද්, “මම ජොහන්ගේ හිස සිඳ දැමීමි; එහෙත්, මට සැළ වී ඇති මෙබඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැ”යි ඇසී ය. ඔහු උන් වහන්සේ දැකීමට වෑයම් කෙළේ ය.