ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 5:16 - Sinhala New Revised Version 2018

එය සියැසින් දුටු අය අශුද්ධාත්මාවේශ වූ මනුෂ්‍යයාට සිදුවූ දෙය ද ඌරන් පිළිබඳ සිද්ධිය ද ඔවුන්ට කියා දුන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එය සියැසින් දුටු අය අශුද්ධාත්මාවේශ වූ මනුෂ්‍යයාට සිදුවූ දෙය ද ඌරන් පිළිබඳ සිද්ධිය ද ඔවුන්ට කියා දුන්හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සිද්ධිය ඇසින් දුටුවෝ, යක්ෂාවේශව සිටි මිනිහාට සිදු වූ දේ හා ඌරන්ට සිදු වූ දේ ඔවුන්ට විස්තර කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ දුටු අය යක්ෂාවේවූ මනුෂ්‍යයාට සිදුවුණු හැටිත් ඌරන් ගැනත් ඔවුන්ට දැන්නුවෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 5:16
4 හුවමාරු යොමු  

උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.


ඔවුන් පිටත් ව යද්දී දුෂ්ටාත්මාවේශ වූ ගොළුවෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය.


ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ.


උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන් ආයාචනා කෙළේ ය.