මාක් 4:36 - Sinhala New Revised Version 2018 ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි. Sinhala New Revised Version ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි. සිංහල කාලීන පරිවර්තනය සමූහයා එහි සිටියදී, උන්වහන්සේ ඔරුවේ සිටි අයුරින්ම, ඔවුහු තමන් සමඟ උන්වහන්සේ ගෙන ගියහ. තවත් ඔරු ද උන්වහන්සේ සමඟ විය. Sinhala Revised Old Version ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය. |
සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක.
නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය.
උන් වහන්සේ ඔරුවෙන් බැස ආ කෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන් වහන්සේට හමු විය.
ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක.
එක් දිනක් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී, “අපි එගොඩට යමු”යි ඔවුන්ට වදාළ සේක. එවිට ඔව්හු ඔරුව දියත් කළහ.