ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 4:27 - Sinhala New Revised Version 2018

රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔහු නිදා සිටිය ද අවදිව සිටිය ද රැයේ හා දහවලේ ඒ බීජ පැළවී, වැඩෙයි. ඒ කෙසේදැයි ඔහු නො දනී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු රාත්‍රියේ නිදන්නේය, දහවල් නැගිට සිටින්නේය, ඔහු නොදන්නා ප්‍රකාරයකින් ඒ බීජ පැළවී වැඩෙන්නේය.

පරිච්ඡේදය බලන්න



මාක් 4:27
8 හුවමාරු යොමු  

ගර්භණියකගේ කුසෙහි නව ජීවයක් සෑදෙන්නේ කෙසේ ද කියා ඔබ නොදන්නෙහි ය; එමෙන් ම හැම දෙය පිළියෙළ කරන දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු ඔබ නොදන්නෙහි ය.


එහෙත්, මිනිස් ලොවෙහි දෙවිඳාණන් සිදු කරන දෙය තේරුම්ගැනීමට පුළුවන් කමක් නැත; කොතරම් උත්සාහ කළත් තේරුම්ගත නොහැකි ය. ප්‍රඥාවන්තයා එය දැනගත්තේ යයි කියතත්, ඔහු පවා මුළු සත්‍යය නොදනියි.


තවද, උන් වහන්සේ කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි;


පොළොව එහි ස්වභාවයෙන් ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්‍ය ද හටගනියි.


සහෝදරවරුනි, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ. මන්ද, ඔබගේ ඇදහිල්ල පුදුමාකාරයෙන් වර්ධනය වන නිසාත්, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අධික වී තිබෙන නිසාත්, එසේ කිරීම යුතු ය.


අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.