ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 2:21 - Sinhala New Revised Version 2018

තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත, එසේ කළොත්, අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත, එසේ කළොත්, අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“කිසිවකු තාන් රෙදි කඩකින් පරණ ඇඳුමකට අණ්ඩයක් දමන්නේ නැත. එසේ කළොත්, අලුත් රෙදි කඩ හැකිළුණු විට පරණ ඇඳුම ඇදී ඉරුම වඩා විශාල වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කිසිවෙක් තාන් රෙදි කැබෙල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් රෙදි කෑල්ලට පරණ රෙද්ද ඇදී, වඩා ලොකු ඉරුමක් වේ.

පරිච්ඡේදය බලන්න



මාක් 2:21
7 හුවමාරු යොමු  

මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත.


“තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ.


එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇත.


අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”


උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: “කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙ‍න් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත.


පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.