මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
මාක් 16:20 - Sinhala New Revised Version 2018 ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්. Sinhala New Revised Version ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්. සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු ගෝලයෝ පිට වී ගොස්, හැම තැන ශුභාරංචිය දේශනා කළහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ලකුණු අනුසාරයෙන් පණිවුඩය සහතික කළ සේක. Sinhala Revised Old Version ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්. |
මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
ශ්‍රීමත් තියෝපිලස් තුමෙනි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලළා කථා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත.
ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය.
එහෙයින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ වරමින් එඩිතර ව කතා කරමින් බොහෝ කලක් එහි නැවතී සිටියහ. උන් වහන්සේ ඔවුන් ලවා අරුමපුදුම දේ ද ලකුණු ද කරවමින් සිය වරප්‍රසාදය පිළිබඳ ධර්මයට සාක්ෂි දැරූ සේක.
සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.”
අපෝස්තුළුවරුන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ.
ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මා ලවා කළ අරුමපුදුම දේ ද ලකුණු ද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙළෙමි.
එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.
එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?
දෙවියන් වහන්සේත් ලකුණුවලින් ද අරුමපුදුම දේවලින් ද විවිධ ප්‍රාතිහාර්යවලින් ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන් ද ඊට සාක්ෂි දුන් සේක.