සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.
මාක් 15:12 - Sinhala New Revised Version 2018 පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින්, “එසේ නම්, ‘ජුදෙව්වරුන්ගේ රජ ය’යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්න දැ”යි ඇසී ය. Sinhala New Revised Version පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින්, “එසේ නම්, ‘ජුදෙව්වරුන්ගේ රජ ය’යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්න දැ”යි ඇසී ය. සිංහල කාලීන පරිවර්තනය “එසේ නම්, යුදෙව්වන්ගේ රජ යයි ඔබ කියන මේ මිනිසා ගැන මම කුමක් කරම් දැ?” යි පිලාත් නැවතත් ඔවුන්ගෙන් ඇසුවේ ය. Sinhala Revised Old Version පිලාත් නැවත ඔවුන්ට උත්තරදෙමින්: එසේනම් යුදෙව්වරුන්ගේ රජයයි නුඹලා කියන්නාවූ මොහුට කුමක් කරම්දැයි කීය. |
සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.
“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි.
එහෙත්, උන් වහන්සේ වෙනුවට බරබ්බස් නිදහස් කර දෙන ලෙස ඉල්ලන්න නායක පූජකවරු ජනයා පෙළඹවූ හ.
ඔව්හු උන් වහන්සේ ගැන චෝදනා කරන්නට පටන්ගෙන, “මොහු අපේ ජාතිය කැරලිගැසීමට පොළඹවන බවත්, අධිරාජයාට අයබදු දීම තහනම් කරන බවත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියාගන්න බවත් අපි දැනගතිමු”යි කී හ.
එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය.