ඔහු උන් වහන්සේගේ නාමයට අපහාස කළ බැවින් මරණයට පත් කළ යුතු ය. විදේශිකයෙක් වේවා, දේශයේ උපන් තැනැත්තෙක් වේවා, ඔහු දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළොත්, මුළු ජනතාව එවැන්නෙකුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.
මාක් 14:64 - Sinhala New Revised Version 2018 දේවාපහාසය ඔබට ම ඇසුණේ ය; ඔබේ තීරණය කිමෙක් දැ”යි ඇසුවේ ය. සියල්ලෝ ම ඒකමතික ව උන් වහන්සේ මරණයට සුදුස්සෙකැ යි එකහෙළා තීරණය කළහ. Sinhala New Revised Version දේවාපහාසය ඔබට ම ඇසුණේ ය; ඔබේ තීරණය කිමෙක් දැ”යි ඇසුවේ ය. සියල්ලෝ ම ඒකමතික ව උන් වහන්සේ මරණයට සුදුස්සෙකැ යි එකහෙළා තීරණය කළහ. සිංහල කාලීන පරිවර්තනය ඔබට ඇසුණා නො වේ ද මේ දේවාපහාසය! ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. ඔහු සුදුසු මරණයට යැයි සියල්ලෝ තීන්දු කළෝ ය. Sinhala Revised Old Version දේව අපහාසය නුඹලාට ඇසුණේය. නුඹලා සිතන්නේ මොකදැයි ඇසුවේය. ඔවුන් සියල්ලෝ උන්වහන්සේ මරණයට සුදුස්සෙක්යයි තීන්දුකොට කීවෝය. |
ඔහු උන් වහන්සේගේ නාමයට අපහාස කළ බැවින් මරණයට පත් කළ යුතු ය. විදේශිකයෙක් වේවා, දේශයේ උපන් තැනැත්තෙක් වේවා, ඔහු දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළොත්, මුළු ජනතාව එවැන්නෙකුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.
ඔව්හු ද, “වෙන සාක්කියක් අපට කුමට ද? මෙය ඔහුගේ ම කටින් කියනවා අපගේ ම කණින් ඇසීමු”යි කී හ.
ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ.
මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, “දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය.