එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, “එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය.
මාක් 14:54 - Sinhala New Revised Version 2018 පේදුරු ද උත්තම පූජකයාගේ මළුව දක්වා ම දුරින් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔහු මුර සේවකයන් සමඟ වාඩි වී ගිනි තපිමින් සිටියේ ය. Sinhala New Revised Version පේදුරු ද උත්තම පූජකයාගේ මළුව දක්වා ම දුරින් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔහු මුර සේවකයන් සමඟ වාඩි වී ගිනි තපිමින් සිටියේ ය. සිංහල කාලීන පරිවර්තනය පේතෘස් මදක් දුරින් පැමිණ, උන්වහන්සේ පසුපසින් උත්තම පූජක මැදුරේ මිදුලට ඇතුළු වී, මුරකරුවන් සමඟ හිඳ, ගිනි තපිමින් සිටියේ ය. Sinhala Revised Old Version පේතෘස් දුරින් උන්වහන්සේ පස්සේ උත්තම පූජකයාගේ මළුව දක්වා ගොස්, එහි ඇතුළේ සේවකයන් සමඟ ඉඳගන ගිනිතපිමින් හුන්නේය. |
එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, “එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය.
පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක.
එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී,
එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.
පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක.
උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙන් බිම වැටිණි.
ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය.
එය ශීත කාලය වූයෙන්, දාසයෝ ද මුර සේවකයෝ ද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝ ය. පේදුරු ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේ ය.
සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, “නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: “නැත, එසේ නොවේ ය”යි කී ය.
සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය.