එහෙත්, කුමක් සඳහා පිටත් ව ගියහු ද? දිවැසිවරයෙකු බලන පිණිස ද? එසේය යි මම ඔබට කියමි. දිවැසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිස ය.
මාක් 11:32 - Sinhala New Revised Version 2018 එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, “එසේ නොකියමු”යි තීරණය කොට, Sinhala New Revised Version එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, “එසේ නොකියමු”යි තීරණය කොට, සිංහල කාලීන පරිවර්තනය ‘මිනිසුන්ගෙනි’ යි කීවොත්” (යොහන් සැබවින් ම දිවැසිවරයකු බව මුළු ජනතාව පිළිගෙන තිබූ හෙයින් එසේ කීමට ඔවුහු බිය වූහ.) Sinhala Revised Old Version නුමුත් මනුෂ්‍යයන්ගෙන්යයි කියමු නම්–යොහන් සැබෑවටම අනාගතවක්තෘ කෙනෙකැයි සියල්ලන් සැලකූ බැවින් සෙනඟට භයවී: |
එහෙත්, කුමක් සඳහා පිටත් ව ගියහු ද? දිවැසිවරයෙකු බලන පිණිස ද? එසේය යි මම ඔබට කියමි. දිවැසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිස ය.
ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය.
උන් වහන්සේ අල්ලාගන්න තැත් කළහ. එහෙත්, ‘උන් වහන්සේ දිවැසිවරයෙකැ’යි ජනතාව සැලකූ හෙයින් ඔව්හු ඔවුන්ට බිය වූ හ.
ඔව්හු තම තමන් අතර විවාද කරමින්, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘ඔහු අදහා නොගත්තේ මන්දැ’යි අපට කියනු ඇත.
“අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේ ද, “මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.
මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.
මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ ඒ උපමාව ඔවුන්ට විරුද්ධ ව එල්ල කළ බව දැන, ඒ පැයේ දී ම උන් වහන්සේ අල්ලාගන්නට සෙවූ හ; එහෙත් සෙනඟ නිසා බිය වූ හ.
නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.
බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: “ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ.
දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් අපෝස්තුළුවරුන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් අපෝස්තුළුවරුන්ට කිසි හිරිහැරයක් නොකළහ.