“තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”
මාක් 10:11 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. Sinhala New Revised Version උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ පිළිතුරු දෙමින්, “තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කරගන්නා කවරකු වුව, ඇයට විරුද්ධව පරදාර සේවනයේ යෙදෙයි. Sinhala Revised Old Version උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු පාවාගන්න කවරෙක් නුමුත් ඈට විරුද්ධව කාමමිථ්‍යාචාරය කෙරේ. |
“තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”
“සිය බිරිඳ දික්කසාද කොට, අන් ස්ත්‍රියක පාවාගන්නා කවරෙක් වුව ද කාමමිථ්‍යාචාරය කරයි. පුරුෂයකු විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක පාවාගන්න තැනැත්තේ ද කාමමිථ්‍යාචාරය කරයි.”
ස්වාමි පුරුෂයා ජීවත් ව සිටිය දී ඈ පරපුරුෂ සේවනයෙහි යෙදුණොත් ඇයට කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නී ය යි කියනු ලැබේ. එහෙත් සිය හිමියා මළ පසු ඈ විවාහ බැම්මෙන් නිදහස ලබයි. ඉන්පසු ඈ වෙන කෙනෙකු සමඟ විවාහ වුවත් කාමමිථ්‍යාචාරය නොකරන්නී ය.
භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාට ය. එලෙස ම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාර්යාවට ය.
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.