නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැ’යි ඔහුට කියන්නේ කොහොම ද?
මතෙව් 7:3 - Sinhala New Revised Version 2018 ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද? Sinhala New Revised Version ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද? සිංහල කාලීන පරිවර්තනය “ඔබේම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි? Sinhala Revised Old Version නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? |
නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැ’යි ඔහුට කියන්නේ කොහොම ද?
කෛරාටිකය, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.
පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි.
එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුව ද, ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද, අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේ ම ඔබ ද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දු වී සිටින්නෙහි ය.
සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.