ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 26:26 - Sinhala New Revised Version 2018

ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ පූප ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටි ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න, ගෙන කන්න; මෙය මාගේ ශරීරය යැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක.

පරිච්ඡේදය බලන්න



මතෙව් 26:26
16 හුවමාරු යොමු  

තණ කොළ මත හිඳගන්නට ජනකායට අණ කොට, උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ද එය සෙනඟට දුන්හ.


උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී,


උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්න ශ්‍රාවකයන්ට දී, මසුන් දෙදෙනාත් ඒ සැමට බෙදා දුන් සේක.


උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙ‍ය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න.


තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, පූප ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.


තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් පූප කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද


සතියේ පළමු වැනි දා අප පූප කැඩීමට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය;


සියල්ලෝ ම එක ම අමා පැන් පානය කළහ. ඔවුන් පානය කෙළේ ඔවුන් කැටුව ගිය දිව්‍ය පර්වතයකින් ය. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේ ය.