ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, “කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, “මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය.
මතෙව් 26:15 - Sinhala New Revised Version 2018 “ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. Sinhala New Revised Version “ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. සිංහල කාලීන පරිවර්තනය “මා, ඔබට එතුමන් පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. Sinhala Revised Old Version ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය. |
ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, “කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, “මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය.
ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.
ඔව්හු කිසිසේත් තෘප්තියට නොපැමිණෙන කෑදර බල්ලන් වැනි ය. ඔව්හු තේරුම්පැහැදුම් කිසිත් නැති එඬේරු වෙති. ඔව්හු එකිනෙකා තම තමාගේ වාසිය තකා හිතුමනාපයට ක්‍රියා කරති.
මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.
පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය.
එවිට මීකා, “මා සමඟ වාසය කර, මට පිය කෙනෙකු ද පූජකයෙකු ද වන්න; මම ඔබට අවුරුදු පතා රිදී කාසි දසයක් හා ඇඳුම් කුට්ටමක් ද කෑම ද දෙන්නෙමි”යි ඔහුට කීවේ ය.