එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.
මතෙව් 18:5 - Sinhala New Revised Version 2018 තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.” Sinhala New Revised Version තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.” සිංහල කාලීන පරිවර්තනය මාගේ නාමයෙන් මෙවැනි දරුවකු පිළිගන්නා කවරකු වුව, මා පිළිගනියි. Sinhala Revised Old Version තවද යමෙක් මාගේ නමින් මෙබඳු කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. |
එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.
“මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යමෙක් වේ ද, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත.
එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක.
එවිට උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබැවින් ම මම ඔබට කියමි, මොවුන්ගෙන් ඉතා ම සුළු තැනැත්තාට වුව ද එසේ නොකළා නම් එය නොකෙළේ මට ය’යි වදාරන සේක.
“මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා, මා පිළිගන්නේ ය. මා පිළිගන්නා, පිළිගන්නේ මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ ය”යි ඔවුන්ට වදාළ සේක.
ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නම්, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි”යි වදාළ සේක.
“මාගේ නාමයෙන් මේ කුඩා දරුවා පිළිගන්න යමෙක් වේ ද, ඔහු මා පිළිගන්නේ ය; යමෙක් මා පිළිගන්නේ ද, ඔහු මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. කුමක් හෙයින් ද, ඔබ හැම අතර ඉතා ම සුළු තැනැත්තා ශ්‍රේෂ්ඨතම තැනැත්තා ය”යි වදාළ සේක.
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”
එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය.