මතෙව් 15:1 - Sinhala New Revised Version 2018 එකල ජෙරුසලමෙන් පරිසිවරු ද විනයධරයෝ ද ජේසුස් වහන්සේ වෙත අවුත් Sinhala New Revised Version එකල ජෙරුසලමෙන් පරිසිවරු ද විනයධරයෝ ද ජේසුස් වහන්සේ වෙත අවුත් සිංහල කාලීන පරිවර්තනය පරිසිවරු හා දහම් පඬිවරු යෙරුසලමේ සිට, යේසුස්වහන්සේ වෙත අවුත්, කතා කොට, Sinhala Revised Old Version එකල ඵරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්: |
මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.”
ජෙරුසලමෙන් ආ විනයධරයෝ, “මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, “දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ.
එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ.
එවිට විනයධරයෝ ද පරිසිවරු ද, “දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ.
එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, “ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ.
“ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්,
එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: “මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.
ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ.