ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 12:20 - Sinhala New Revised Version 2018

ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්, තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න



මතෙව් 12:20
21 හුවමාරු යොමු  

මෙන්න, ඔබ විශ්වාස කරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහි ය. යමෙකු ඊට බර වුණොත් එය ඔහුගේ අතට ඇනී හිල් වෙයි. මිසරයේ රජු වන පාරාවෝ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඔහු එලෙස කරන්නේ ය.


එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක.


දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.


එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක; දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක.


උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.


“මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි.


මෙය ඇසූ විට මෝසෙස් සතුටු විය.


“වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.


ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන, මෙසේ වදාළ සේක: “ඔබ කුමක් බලන පිණිස පාළුකරයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද?


“සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,


තවද, කිතුනුවන් වූ අප නිතර ම ජය පෙරහරින් ගෙන යන, තමන් වහන්සේ පිළිබඳ දැනගැන්ම නමැති සුගන්ධය අප ලවා හැම තැන ම පතුරුවන, දෙවියන් වහන්සේට ස්තුති වේ වා!


අනෙක් අතට ඒ තැනැත්තා ඔහුගේ අධිකතර ශෝකයෙහි ගිලී නොයන පිණිස ඔහුට කමා වීම හා ධෛර්ය දීම ඔබගේ නියම යුතුකම වේ.


එකෙණෙහි ම මම සුදු අශ්වයෙකු දිටිමි. අසු පිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේ ය. කිරුළක් ඔහුට දෙන ලදි. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත් වන පිණිස නික්ම ගියේ ය.