එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ.
මතෙව් 12:11 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ අතරෙන් එක බැටළුවෙකු පමණක් හිමි මිනිසෙකු ඒ බැටළුවා සබත් දිනක දී වළක වැටුණොත්, ඌ ඔසවා ගොඩ ගන්නේ නැද් ද? Sinhala New Revised Version උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ අතරෙන් එක බැටළුවෙකු පමණක් හිමි මිනිසෙකු ඒ බැටළුවා සබත් දිනක දී වළක වැටුණොත්, ඌ ඔසවා ගොඩ ගන්නේ නැද් ද? සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරේ කෙනකුට බැටළුවකු සිටින්නේ නම්, සබතකදී ඌ වළක වැටුණොත්, ඔබ ඌ අල්ලා ගොඩ ගන්නේ නැති ද? Sinhala Revised Old Version උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද? |
එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ.
පසුව උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “යමෙකුට අයත් කොටළුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේ දී ළිඳේ වැටුණොත් එවේලේ ම ඌ ගොඩට අදින්නේ නැද්දැ”යි ඇසූ සේක.
“ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය.