රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.
මතෙව් 1:9 - Sinhala New Revised Version 2018 උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද, Sinhala New Revised Version උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද, සිංහල කාලීන පරිවර්තනය උස්සියා, යෝතාම්ගේ පියා ය. යෝතාම්, ආහාස්ගේ පියා ය. ආහාස්, හෙසකියාගේ පියා ය. Sinhala Revised Old Version උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය; |
රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.
ඔහු මියගිය පසු දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.
උශ්ශියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා ලාදුරු රෝගියෙකු වී සිටියේ ය. ලාදුරු රෝගියෙකු ලෙස වෙන් වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසය කෙළේ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීම ඔහුට තහනම් ව තිබිණි. ඔහුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.
ජෝතාම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.