ඔහු මරණයට පත් වූ පසු තම පිය දාවිත්ගේ නුවර භූමදාන කරන ලදී. ඔහුගේ පුත් වූ රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.
මතෙව් 1:7 - Sinhala New Revised Version 2018 සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, Sinhala New Revised Version සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, සිංහල කාලීන පරිවර්තනය සලමොන්, රෙහොබොවාම්ගේ පියා ය. රෙහොබොවාම්, අබියාගේ පියා ය. අබියා, ආසාගේ පියා ය. Sinhala Revised Old Version සාලමොන්ට දාව රෙහොබොවම් උපන්නේය; රෙහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය; |
ඔහු මරණයට පත් වූ පසු තම පිය දාවිත්ගේ නුවර භූමදාන කරන ලදී. ඔහුගේ පුත් වූ රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.
රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.
තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය.
කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය.
සලමොන් මියගොස් තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.
ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය.