විලාප ගී 4:9 - Sinhala New Revised Version 2018 සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය. මන්ද, මොවුහු කෙතේ අස්වැන්න නැති බැවින් කෙමෙන් පීඩිත වී, ක්ෂය වී යති. Sinhala New Revised Version සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය. මන්ද, මොවුහු කෙතේ අස්වැන්න නැති බැවින් කෙමෙන් පීඩිත වී, ක්ෂය වී යති. Sinhala Revised Old Version සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේය; මක්නිසාද මොව්හු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ක්ෂයවී යති. |
ඔව්හු ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ.
මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත. මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ.
ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.
නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.
සමිඳාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ‘අපේ වරද සහ අපේ පාප ද අප කෙරෙහි තිබී, අප එයින් ක්ෂය වී යද්දී, අප ජීවත් වන්නේ කොහොම දැ’යි නුඹලා කියන්නහු ය.
තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මම ජෙරුසලමේ කෑම ප්‍රමාණය අඩු කරන්නෙමි. එවිට භීතියෙන් ඔව්හු කෑම කිරා කන්නෝ ය. කනස්සලුකමින් වතුර මැන බොන්නෝ ය.
“පිටත යුද්ධ, ඇතුළත වංසගතය හා සාගත තිබේ. එළිමහන් තැන්හි සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; නගරයේ සිටින අය සාගතයෙන් ද වසංගතයෙන් ද විනාශ වන්නෝ ය.
සතුරු රටවල ජීවත් ව සිටින්නෝ තමන්ගේ දුෂ්ටකම් නිසා ද තම පියවරුන්ගේ දුෂ්ටකම් නිසා ද ජරාවට පත්වන්නෝ ය.
ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.