අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි! එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය; අද සිටින්නෝ මිනීමරුවෝ ය.
විලාප ගී 4:1 - Sinhala New Revised Version 2018 පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ. Sinhala New Revised Version පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ. Sinhala Revised Old Version රත්රන් අඳුරුවී තිබෙන හැටි! පවිත්‍ර රත්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ. |
අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි! එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය; අද සිටින්නෝ මිනීමරුවෝ ය.
“දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි! පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය. දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි!
ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.
රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න. ඔබේ සිත සමිඳුන් ඉදිරිපිට ජලය මෙන් වගුරුවන්න. සියලු වීදි සන්ධිවල දී බඩගින්නෙන් ක්ලාන්ත වන ඔබේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා ඔබේ අත් එතුමාණන් දෙසට ඔසවන්න.
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය ලෝහවල බොර හා සමාන ය. උදුනක රිදී පිරිසිදු කළ පසු ඉතිරි වන තඹ, බෙලෙක්, යකඩ සහ ඊයම් බොර හා සමාන ය.
“එබැවින් මම සමාරිය නටබුන් රටක් කරන්නෙමි. එය සුදුසු වන්නේ මිදි වගාවට පමණි. මම ඒ නගරයේ ගල්, මිටියාවතට හෙළා දමා එහි අත්තිවාරම මතු කර දක්වන්නෙමි.
එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක.
ජේසුස් වහන්සේ ඔහු අමතා, “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක.