විලාප ගී 3:46 - Sinhala New Revised Version 2018 අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ. Sinhala New Revised Version අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ. Sinhala Revised Old Version අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය. |
මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.
“ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද? ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්‍රකාශ වේ වා!
අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.
එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.
ඔබේ සියලු සතුරෝ ඔබට සරදම් කරති. ඔව්හු සියුරුහන් බාමින්, දත්මිටි කති. “අපි ඈ විනාශ කෙළෙමු; සැබැවින් ම අප බලා සිටි දවස මේ ය; එය දැන් පැමිණ ඇතැ”යි කියති.