එම්බා රට වැසියෙනි, නුඹලාගේ දඬුවම් වාරය පැමිණියේ ය. කාලය පැමිණ තිබේ. දවස ආසන්න ය; එය වනාහි ප්‍රීති ඝෝෂා ඇති දවසක් නොව, කඳු මත කැළඹීමේ ඝෝෂා දවසක් ය.
විනිශ්චයකාරයෝ 9:36 - Sinhala New Revised Version 2018 ගයල් සෙනඟ දැක, “අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් එති”යි ශෙබුල්ට කීවේ ය. ශෙබුල් ද, “සෙනඟ මෙන් ඔබට පෙනෙන්නේ කඳුවල ඇති සෙවණැලි යැ”යි ඔහුට කීවේ ය. Sinhala New Revised Version ගයල් සෙනඟ දැක, “අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් එති”යි ශෙබුල්ට කීවේ ය. ශෙබුල් ද, “සෙනඟ මෙන් ඔබට පෙනෙන්නේ කඳුවල ඇති සෙවණැලි යැ”යි ඔහුට කීවේ ය. Sinhala Revised Old Version ගයල් සෙනඟ දැක: අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබුල්ට කීවේය. ශෙබුල්ද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ නුඹට පෙනේයයි ඔහුට කීය. |
එම්බා රට වැසියෙනි, නුඹලාගේ දඬුවම් වාරය පැමිණියේ ය. කාලය පැමිණ තිබේ. දවස ආසන්න ය; එය වනාහි ප්‍රීති ඝෝෂා ඇති දවසක් නොව, කඳු මත කැළඹීමේ ඝෝෂා දවසක් ය.
ඔහු ද ඇස් ඔසවා, “මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය.
ඒබෙද්ගේ පුත් ගයල් ද පිටතට ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියේ ය. අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සැඟවී සිටි තැනින් නැඟිට ආවෝ ය.
ගයල් නැවත කතා කොට, “අන්න, රටේ සෙනඟ ද උස් පළාතෙන් බැස එති; තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි ආලෝන අරඹට යන මාර්ගයෙන් බැස එති”යි කී ය.