ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:29 - Sinhala New Revised Version 2018

අහෝ! මේ මිනිස්සු මා යටතේ සිටිත් නම්, මම අබිමෙලෙක්ට පහර දෙන්නෙමි. ‘ඔබේ සේනාව තර කරගෙන සටන් කරන පිණිස පිටතට එන්නැ’යි අබිමෙලෙක්ට කියන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අහෝ! මේ මිනිස්සු මා යටතේ සිටිත් නම්, මම අබිමෙලෙක්ට පහර දෙන්නෙමි. ‘ඔබේ සේනාව තර කරගෙන සටන් කරන පිණිස පිටතට එන්නැ’යි අබිමෙලෙක්ට කියන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අහෝ මේ මිනිස්සු මා යටතේ නම්! එවිට මම අබිමෙලෙක් පහකරදමන්නෙමියි කියා: නුඹේ සේනාව වැඩිකරගෙන පිටතට එන්නැයි අබිමෙලෙක් ගැන කීවේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:29
9 හුවමාරු යොමු  

ඇරත්, “දේශයේ විනිශ්චයකාරයා වශයෙන් මම පත් කරනු ලබම් නම්, නඩුවක් හෝ පැමිණිල්ලක් හෝ ඇති කෙනෙකු මා වෙත ආ කල්හි මම ඔහුට යුක්තිය ඉටු කර දෙන්නෙමි”යි ද අබ්සලොම් කී ය.


ඉශ්රායෙල් රජ පිළිතුරු දෙමින්, “උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳන්නා නොව ඒවා ගලවන්නා ය කියා ඔහුට දන්වන්නැ”යි කීවේ ය.


එකල අමශියා දූතයන් යවමින්, “එන්න, අපි දෙදෙන මුණගැසෙමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල් රජු වන ජෙහෝවාෂ්ට කියා යැවී ය.


ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.


නගරයේ අධිපතියා වන ශෙබුල් ඒබෙද්ගේ පුත් ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේ ය.