ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 8:35 - Sinhala New Revised Version 2018

එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙරුබ්බාල් එනම් ගිඩියොන් ඉශ්‍රායෙල්ට කළ සියලු යහපත්කම්වල හැටියට ඔහුගේ පවුලට කරුණාව පෙන්නුවේවත් නැත.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 8:35
6 හුවමාරු යොමු  

මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය.


“බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.


ජෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක් ෂෙකෙම්හි සිටි තමාගේ මවගේ සහෝදරයන් ළඟට ගොස්, ඔවුන්ටත්, තමාගේ මවගේ පිය වංශයේ මුළු පවුලටත් කතා කොට,


ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.