ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 8:31 - Sinhala New Revised Version 2018

ෂෙකෙම්හි ඔහුට උපභාර්යාවක් ද සිටියා ය. ඇගෙන් ඔහුට පුත්‍රයෙක් ලැබුණේ ය. ඔහු ඔහුට අබිමෙලෙක් යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ෂෙකෙම්හි ඔහුට උපභාර්යාවක් ද සිටියා ය. ඇගෙන් ඔහුට පුත්‍රයෙක් ලැබුණේ ය. ඔහු ඔහුට අබිමෙලෙක් යන නම තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ෂෙකෙම්හි සිටි ඔහුගේ උපභාර්යාවද ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය, ඔහු ඔහුට අබිමෙලෙක්යයි නම් තැබීය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 8:31
7 හුවමාරු යොමු  

හාගර් ආබ්‍රම්ගෙන් පුත්‍රයෙකු ලැබුවා ය. ආබ්‍රම් ඔහුට ඉෂ්මායෙල් යන නම තැබී ය.


තවද, ආබ්‍රහම් සිය බිරිඳ වන සාරා තමාගේ සහෝදරිය යි කී බැවින් ගෙරාර්හි රජ වූ අබිමෙලෙක් ඇය තමා වෙත ගෙන්වාගත්තේ ය.


නාහෝර්ගේ උපභාර්යාව වන රෙයුමා, තෙබා, ගහම්, තහෂ් හා මයකා යන දරුවන් ලැබුවා ය.


ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ හැත්තෑදෙනෙක් වූ හ. එසේ වූයේ, ඔහුට බොහෝ භාර්යාවන් සිටි බැවිනි.


ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් දීර්ඝායු වළඳා මියගොස්, අබියෙශ්‍රීවරුන්ට අයත් ඔප්‍රාහි තමාගේ පියා වූ ජෝවාෂ්ගේ සොහොන් ගෙහි තැන්පත් කරනු ලැබුවේ ය.


එහෙත්, ඔබ අද මාගේ පියාගේ වංශයට විරුද්ධ ව නැඟී සිට ඔවුන්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙකු එක ගල පිට මරා, ඔහුගේ දාසියගේ පුත්‍ර අබිමෙලෙක් ඔබේ ඥාතියෙකු වන බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත් කළහු ය.