ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 7:22 - Sinhala New Revised Version 2018

ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 7:22
18 හුවමාරු යොමු  

නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න.


අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.


මන්ද, අම්මොන්වරු සහ මෝවබ්වරු සේයිර් කඳුකරයේ වැසියන් නසා වනසන පිණිස ඔවුන්ට විරුද්ධ ව සටනට ගියහ. සේයිර් වැසියන් මුළුමනින් ම නැති කළ පසු ඔව්හු එකෙකු අනිකෙකු විනාශ කරන්න උපකාර වූ හ.


මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි. නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.


ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.


මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.


නොයෙක් ආපදාවන් ඇති කර මම ගොග් රජු භීතියට පත් කරන්නෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එක එක මිනිසාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධ ව ලෙළ දෙනු ඇත.


ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය.


රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’


ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේ ඔවුන් අතර භීතියක් ඇති කරන සේක. ඒ නිසා, එක මිනිසෙකු තමා ළඟ සිටින මිනිසා අල්ලාගෙන ඔහුට පහර දෙනු ඇත.


එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය.


ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.


සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, “ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ.


එසේ පූජකවරු හොරණෑ පිම්බෝ ය; සෙනඟ ඔල්වර හඬ නැඟුවෝ ය: සෙනඟ හොරණෑ ශබ්දය අසා, මහා හඬකින් ඔල්වර හඬ පැවැත්වූවෝ ය. පවුර ඇද වැටිණි; සෙනඟ ද එකිනෙකා කෙළින් ම ඉදිරියට ගොස් නුවර අල්ලාගත්තෝ ය.


පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා!


එහෙත්, සාවුල්ගේ දුව වන මේරබ් දාවිත්ට පාවා දෙන්නට නිසි කාලය පැමිණි විට, ඈ මෙහොලාතියේ වැසියෙකු වන අද්‍රියෙල්ට භාර්යාව කොට දෙන ලද්දී ය.