එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.
විනිශ්චයකාරයෝ 6:26 - Sinhala New Revised Version 2018 මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, ගොනා ගෙන, නුඹ කපා දමන අෂේරා කප් ලීවලින් ඌ දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, ගොනා ගෙන, නුඹ කපා දමන අෂේරා කප් ලීවලින් ඌ දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, දෙවෙනි ගොනා ගෙන නුඹ කපන්නාවූ අෂේරා කණුවේ ලීවලින් ඌ දවන පූජාවක්කොට ඔප්පුකරන්නැයි කීසේක. |
එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.
අරව්නා ද, “මාගේ ස්වාමීන් වන රජතුමා, එය ගෙන ඔබ කැමැති දෙයක් පූජා කරනු මැනව. මෙන්න, දවන යාග පූජාවට ගවයෝ සිටිති. දර පිණිස මඩින යන්ත්‍ර ද ගවයන්ගේ වියගස් ද තිබේ.
තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.
මන්ද, දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වයේ නොව සාමයේ දෙවියන් වහන්සේ ය. කිතුනුවන්ගේ සෑම සභාවල දී මෙන්
එදා ම රාත්‍රියේ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “නුඹේ පියාට අයිති ගොනා එනම්, සත් අවුරුදු වයස් ඇති දෙ වන ගොනා ගෙන ගොස්, නුඹේ පියාට අයිති බාල් දෙවියාගේ පූජාසනය කඩා දමා, ඒ ළඟ තිබෙන අෂේරා කප් කණු කපා දමන්න.
එවිට ගිඩියොන් සිය වැඩකාරයන්ගෙන් දසදෙනෙකු කැඳවාගෙන, සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙස කෙළේ ය. ඔහු තමාගේ පියාගේ ගෙවැසියන් නිසාත්, නගර වැසියන් නිසාත් එය දවාලේ කරන්නට බිය වී රාත්‍රියේ කෙළේ ය.
ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය.