තලය සමඟ මිටත් බඩ ඇතුළට ගියේ ය. රජුගේ බඩෙන් ඒහුද් කඩුව ඇද නොගත් නිසා, තලය මාංසයෙන් වැසී ගොස් පිටුපසින් එළියට නෙරා ආයේ ය.
තලය සමඟ මිටත් ඇතුළට ගියේය. ඔහුගේ බඩෙන් ඔහු කඩුව ඇද නොගත් බැවින් තලය මාංසයෙන් වැසී ගොස් පිටිපස්සෙන් එළියට ආයේය.
ඒහුද් තමාගේ වමත දිගු කොට දකුණු කලවයෙන් කඩුව ඇදගෙන රජුගේ බඩට ඇන්නේ ය.
ඒහුද් පිටත ශාලාවට ගොස්, උඩුමහලේ දොරවල් වසා තබා, අගුලු දමා ගියේ ය.