ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 20:48 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නැවත බෙන්යමින් පුත්‍රයන් ළඟට හැරී ඇවිත්, නුවර මිනිසුන්ටද ගවයන්ටද තමුන්ට සම්බවූ සියල්ලන්ටද කඩුමුවහතින් පහරදී, ඔවුන්ට සම්බවුණු සියලු නුවරවල්ද ගිනිලෑවෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 20:48
7 හුවමාරු යොමු  

අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය.


සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය; සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.


එහෙත්, මිනිස්සු හයසියයක් හැරී කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගොස්, රිම්මොන් පර්වතයේ හාර මාසයක් සිටියෝ ය.


“අපෙන් කිසිවෙක් තමාගේ දුවක බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාව වශයෙන් නොදෙන්නේ ය”යි ඉශ්රායෙල් සෙනඟ මිශ්පාහි දී දිවුරා තිබුණේ ය.


බෙන්ජමින්වරු එසේ කර, නටන්නට ආ තරුණියන්ගෙන් තමන්ගේ ගණන ලෙස තමන්ට භාර්යාවන් අල්ලාගෙන තමන්ගේ උරුම ප්‍රදේශයට හැරී ගොස්, නගර ගොඩනඟා එහි විසුවෝ ය.